හදිස්සියට පැන්සලෙන් පන්දමක්

අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)...

ගෙදර ඉදගෙනම නොමිලේ Coding ඉගනගෙන Job එකකුත් කරමු

Online ඉගන ගන්න Websites ගොඩක් තියෙනවානේ. නොදන්න අයට දැනගන්න මං භාවිතා කරන ඒවා දාන්නම්. ඔයාලත් දන්න ඒවා comment විදිහට දාන්න. Web designing ඉගන ගන්න සුපිරි. පොඩි අවුලකට තියෙන්නේ certificate දෙන්න සල්ලි ගන්න එක තමයි. ...

සිංහලෙන් JAVA ඉගනගන්න

මුල ඉඳලා සරලව Java Programming ඉගන ගන්න සිංහල පාඩම් මාලාව...

Ubuntu සහ Open Source

අපේ රටේ ගොඩක් අය Free Open Source Software එහෙමත් නැත්නම් විවෘත හා නිදහස් මෘදුකාංග ගැන දන්නේ නෑ.(නොදන්න අය මෙතනින් බලන්න. දන්න අයත් බලලා නොදන්න දෙයක් තිබුනොත් ඉගන ගන්න http://si.wikipedia.org/wiki/FOSS) දන්න අයත් ඒවා පාවිච්චි කරන්නේ නෑ Proprietary software එකක හොර කොපියක් crack කරලා පාවිචි කරනවා. මෙහෙම crack කරලා පාවිච්චි කරනකොට අපිට සිදධ වෙන හානි ගොඩක් තියෙනවා....

3D අනුරූ හදන්න (Paper Crafts)

Paper Craft කියන්නේ කඩදාසි වලින් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් ක්‍රමයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති වුනාට වෙන රටවල නම් මේ ක්‍රමය පාවිච්චි කරලා නිමාණ කරන අය ඕන තරම් ඉන්නවා. ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන දේවල් හදලා...

Sunday, October 13, 2013

3D අනුරූ හදන්න (Paper Crafts)







Paper Craft කියන්නේ කඩදාසි වලින් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් ක්‍රමයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති වුනාට වෙන රටවල නම් මේ ක්‍රමය පාවිච්චි කරලා නිමාණ කරන අය ඕන තරම් ඉන්නවා. ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන දේවල් හදලා තියෙන්නේ මේ ක්‍රමය පාවිච්ච් කරලා කමයි. කවුරුත් දන්න ඔරිගමි කලාවට වඩා ගොඩක් ලස්සන නිර්මාණ මේ ක්‍රමයෙන් කරන්න පුලුවන්. මමත් එකක් හදලා බැලුවා වැඩේ එච්චර අමාරු නෑ.

අපි කවුරැත් දන්න YAMAHA සමාගමේ website එකේ paper craft වලට ඕන කරන templates ගොඩක් දීල තියෙනවා. http://global.yamaha-motor.com/yamahastyle/entertainment/papercraft/ 

CANON සමාගමේ web site එකේත් paper craft templates ගොඩක් තියෙනවා
http://cp.c-ij.com/en/contents/1006/

http://www.paper-replika.com මෙක paper craft සඳහාම වෙන් වුන අඩවියක්

http://papertoys.com/ මේකෙත් templates ගොඩක් තියෙනවා.

ඔයාලත් උත්සහ කරල බලන්න. ආදරය කරන කෙනාට (දෙන්න තුන්දෙනා ඉන්න අයටත් පුලුවන්), යාලුවෙක්ට, පොඩි ලමයෙක්ට දෙන්න හොඳ තෑග්ගක් වේවි.

රු 40.00 කට LED බල්බ් එකක්


LED බල්බ් ගැන නොදන්න කෙනෙක් නෑනෙ ඉතින්. LED බල්බ් එක්ක සම්බන්ධ ලස්සන කතාවක් වගේම දුක හිතෙන තකාවකුත් මට තියෙනවා (දන්නෝ දනිති). LED බල්බ් හදන්න ඕන කරන දේවල් වගේම ඒවා කියලදෙන Blog ඕන තරම් හොයා ගන්න පුලුවන්. ඒත් පොඩි අවුලකට තියෙන්නේ ගාන පොඩ්ඩක් සැර එක තමයි.(සල්ලි කාරයයෝ වගේම දුප්පත් කොල්ලො කෙල්ලොත් ඕන තරම් ඉන්නවනේ. මං මේ post එක දාන්නේ ඒ දුප්පත් කොල්ලන්ට කෙල්ලන්ට. සල්ලිකාරයොත් මේක හැදුවා කියලා මගේ තරහක් නෑ ඉතින්) බයිලා ඇති දැන් වැඩේ…
ඕන කරන දේවල්……
  1. 1w LED 4ක්  (රු7.00*4=රු28.00)
  2. පරණ CFL එකක්
  3. පරණ Phone Charger එකක්
  4. ඩොට් බෝඩ් කෑල්ලක් / කාඩ් බෝඩ් කැල්ලක්
  5. ඊයම් (රු10.00)
  6. පොඩ් වයර් කෑල්ලක්
මේ තියෙන්නේ මගේ එක හදන්න ගත්ත දේවල්


මුලින්ම CFL පරිස්සමින් ගලව ගන්න ඕන. ඇතුලේ තියෙන වයර් 2 කැඩෙන් නැති වෙන්න පරිස්සමින් ගලවන්න.

 
ඊලඟට Charger එකත් ගලව ගන්න. මේකෙදි ඕන වෙන්නේ circuit එක පිච්චිලා නැති එකක්. ගොඩක් Charger Damage වෙන්නේ pin එක ලඟින් නිසා circuit එක පිච්චිලා නැති එකක් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.


දැන් LED 4 ඩොට් බෝඩ් එකට පාස්ස ගන්න. කාඩ් බෝඩ් එකකට උනත් අවුලක් නෑ.


දැන් කියෙන්නේ කෑලි ටික එකතු කර ගන්න.


මේ තියෙන්නේ හදලා ඉවර කරපු Bulb එක.

ලස්සන පොඩ්ඩක් මදියි වගේ නේද? ඔයාලගේ  නිර්මාණශීලී අදහස් එකතු කරගෙන ලස්සන කර ගන්න. 

Saturday, October 12, 2013

සිංහල කොටන්න Typing Master

පණ්ඩිත කමට සිංහල Blog එකක් පටන් ගත්තට සිංහලෙන් කොටන එක හිතුවට වඩා අමාරු වුනා. Singlish වලින් කොටන Software තිබුනට මට එකක්වත් fit වුනේ නෑ. Google පාරක් දානකොට හොඳ විසඳුමක් හම්බුනා මට.
Online ඉඳගෙනම සම්මත සිංහල යතුරුපුවරුව භාවිතයට පුරුදු වෙන්න පුලුවන් Web site එකක්. ගිහිල්ලම බලන්නකෝ ඔයාලත් මෙන්න Link එක
http://siyapatha.zzl.org
දැන් බලනවා ඇති කෝ මේ Typing Master එතකොට. ඉන්න ඉන්න මේ තියෙන්නේ ඒක තමයි. මේකත් කලින් දුන්න Web එක කරන යාලුවගේම වැඩක් තමයි. download කරලම බලන්නකෝ. මාත් මේකෙන් පුරුදු වෙනවා සුපිරි Software එක. නේන Link එක.
https://docs.google.com/file/d/0B6kVJIoeayv3MEZONlF2by1oWDg/edit?usp=sharing

Friday, October 11, 2013

පෙර වදන


සිංහල Blog වැහි වැහැලා තියෙන කාලෙක (කාගෙ හරි Post එකක් Copy කරලා තමන්ගේ වගේ දාන කාලෙක) මටත් හිතුනා Blog එකක් පටන් ගන්න ඕන කියලා. ඉස්කෝලේ Media Unit එකෙන් හම්බුන පන්නරයත් එක්ක, Blog කියවන යාළුවන්ගේ ආශිර්වාදෙත් එක්ක (ඉල්ලලවත් Like එකක් Comment එකක් දෙන් නැති යාළුවන්ගෙන් මොන ආශිර්වාදද?) මේ blog එක දිගටම කරගෙන යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
මේ blog එකේ post කරන්න හිතාගෙන ඉන්නේ අඩු වියදමකින් කරන්න පුළුවන් අත්හදා බැලීම් (experiments) එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දේවල් වලට ආද්ශක වගේ දේවල්. තව ඉතින් වැදගත් කියල හිතෙන දේවල් දාන්නත් පුළුවන්නේ. (උස්සපු Post වගේ ඒවා).
එහෙනම් පංපෝරිය ඉවරයි දැන්. පලවෙනි project එකෙන් හම්බවෙමු…