Friday, October 18, 2013

හදිස්සියට පැන්සලෙන් පන්දමක්


අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)

වැඩේට ඹ්න වෙනවා,

  1. පැන්සලක්
  2. වයර් (හදිස්සියට හොයාගන්න බැරිනම් වාහනේ තියෙන එකක් ගලවල ගන්න පුලුවන්නේ)
  3. වාහනේ බැටරිය (ගලවල ගන්න ඕන නෑ)
මුලින්ම පැන්සල දෙකට පලලා කූර එලියට ගන්න ඕන

ඊලඟට පැන්සල් කූර අඟලේ කෑලි වලට කඩා ගන්න ඕන

දැන් වයර් කෑලි දෙකක් අරන් එක කෑල්ලක දෙපැත්තේ ගැට ගහන්න. වයර් හොයා ගන්නම නැත්තන් speaker වලට යන වයර් ගලවල ගන්න පුලුවන්

දැන් වයර් දෙකේ ඉතිරි කෙලවරවල් බැටරියට හයි කරන්න


දැන් ඉතින් වැඩේ හරි. මේ තියෙන්නේ බඩු

මේ වගේ වැඩකට පාවිච්චි කරන්න පුලුවන්


පැන්සලකින් විනාඩි 20ක් විතර එලිය ගන්නත් පුලුවන්.

****පෙට්‍රල්/ ඩීසල්/ ගෑස් වල අවුලකදී පාවිච්චි කරන්න එපා****

වැඩේ කරන හැටි පැහැදිලි මදිනම් මේකත් බලන්නකෝ



2 comments:

  1. adooo pattiii bn... tnx nodann deyak kyla dunnata...........

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තුතියි මේ වගේ දෙයක් කියල දුන්නට !! :D

    ReplyDelete

ඔබේ අදහස් එකතු කරන්න...