හදිස්සියට පැන්සලෙන් පන්දමක්

අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)...

ගෙදර ඉදගෙනම නොමිලේ Coding ඉගනගෙන Job එකකුත් කරමු

Online ඉගන ගන්න Websites ගොඩක් තියෙනවානේ. නොදන්න අයට දැනගන්න මං භාවිතා කරන ඒවා දාන්නම්. ඔයාලත් දන්න ඒවා comment විදිහට දාන්න. Web designing ඉගන ගන්න සුපිරි. පොඩි අවුලකට තියෙන්නේ certificate දෙන්න සල්ලි ගන්න එක තමයි. ...

සිංහලෙන් JAVA ඉගනගන්න

මුල ඉඳලා සරලව Java Programming ඉගන ගන්න සිංහල පාඩම් මාලාව...

Ubuntu සහ Open Source

අපේ රටේ ගොඩක් අය Free Open Source Software එහෙමත් නැත්නම් විවෘත හා නිදහස් මෘදුකාංග ගැන දන්නේ නෑ.(නොදන්න අය මෙතනින් බලන්න. දන්න අයත් බලලා නොදන්න දෙයක් තිබුනොත් ඉගන ගන්න http://si.wikipedia.org/wiki/FOSS) දන්න අයත් ඒවා පාවිච්චි කරන්නේ නෑ Proprietary software එකක හොර කොපියක් crack කරලා පාවිචි කරනවා. මෙහෙම crack කරලා පාවිච්චි කරනකොට අපිට සිදධ වෙන හානි ගොඩක් තියෙනවා....

3D අනුරූ හදන්න (Paper Crafts)

Paper Craft කියන්නේ කඩදාසි වලින් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් ක්‍රමයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති වුනාට වෙන රටවල නම් මේ ක්‍රමය පාවිච්චි කරලා නිමාණ කරන අය ඕන තරම් ඉන්නවා. ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන දේවල් හදලා...

Tuesday, October 22, 2013

Visual Studio 2010 + ඔවදනක්

මේ post එක දාන්නේ blog එක කියවන යාලුවෙක් Visual Studio 2010 Serial key එක ඉල්ලලා mail එකක් දාලා තිබුන හින්දා. මුලින්ම ඉල්ලපු දේ දීලා ඉන්නම්කෝ
මෙන්න microsoftලගෙන්ම බා ගන්න. ආයි මොකටද වයිරස් පුරවපු torrent ගන්නේ.
download.microsoft.com/download/1/E/5/1E5F1C0A-0D5B-426A-A603-1798B951DDAE/VS2010Express1.iso

මෙන්න Serial එක HV27P-GTTV9-2WBVV-M7X96

දැන් මේ ටිකත් කියවලම යන්න.
අපි කාටත් serial key, crack වගේ දේවල් ඕන වෙනවනේ. (කොච්චර freeware තිබුනත් ඒවා පාවිච්චි කරන්න ලංකාවේ ගොඩක් අය කැමති නෑනේ) ඉතින් ඒ වගේ වෙලාවට blog වල forum වල ඉල්ල ඉල්ල අඬන අය ඕන තරම් ඉන්නවා. කාටවත් නෝන්ඩි වෙනවට වඩා හොඳ නැද්ද අපිට ඕන දේ අපිම හොයා ගන්න එක. පොඩ්ඩක් Google පාරක් දැම්මනම් ඔය ඕන එකක් හොයා ගන්න තියෙනවානේ. blog ලියන අය (මාත් ඇතුලුව) කරන්නෙත් ඒකම තමයි. මොකද blog ලියන අයට දෙවියෝ ඇවිත් දීල යනවද මෙන්න key එක කියලා. ඉතින් මීට පස්සෙවත් කම්මැලිකම පොඩ්ඩක් අතෑරලා ඕන දේවල් හොයා ගන්න බලන්න කාටවත් නෝන්ඩි නොවී.

මේකත් පොඩ්ඩක් මතක තියා ගන්නකෝ. ගොඩක් අය දන්න දෙයක්. නොදන්න අයට කියලා දෙන්නේ

94fbr කියන keyword එක පාවිච්චි කරලා google එකෙන් serial key ලේසියන්ම හොයාගන්න පුලුවන්.
උදා; 
       Visual Studio 2010 94fbr
       Ms Office 2013 94fbr

Friday, October 18, 2013

හදිස්සියට පැන්සලෙන් පන්දමක්


අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)

වැඩේට ඹ්න වෙනවා,

  1. පැන්සලක්
  2. වයර් (හදිස්සියට හොයාගන්න බැරිනම් වාහනේ තියෙන එකක් ගලවල ගන්න පුලුවන්නේ)
  3. වාහනේ බැටරිය (ගලවල ගන්න ඕන නෑ)
මුලින්ම පැන්සල දෙකට පලලා කූර එලියට ගන්න ඕන

ඊලඟට පැන්සල් කූර අඟලේ කෑලි වලට කඩා ගන්න ඕන

දැන් වයර් කෑලි දෙකක් අරන් එක කෑල්ලක දෙපැත්තේ ගැට ගහන්න. වයර් හොයා ගන්නම නැත්තන් speaker වලට යන වයර් ගලවල ගන්න පුලුවන්

දැන් වයර් දෙකේ ඉතිරි කෙලවරවල් බැටරියට හයි කරන්න


දැන් ඉතින් වැඩේ හරි. මේ තියෙන්නේ බඩු

මේ වගේ වැඩකට පාවිච්චි කරන්න පුලුවන්


පැන්සලකින් විනාඩි 20ක් විතර එලිය ගන්නත් පුලුවන්.

****පෙට්‍රල්/ ඩීසල්/ ගෑස් වල අවුලකදී පාවිච්චි කරන්න එපා****

වැඩේ කරන හැටි පැහැදිලි මදිනම් මේකත් බලන්නකෝ



Tuesday, October 15, 2013

Android දුරකථනය Slowද? පොඩි විසඳුමක්


දැන් ලොකු ලොකු Android phone ආවට Galaxy Y , U8180 වගේ පොඩි ඒව පාවිච්චි කරන අයත් ඕන තරම් ඉන්නවනේ. (මාත් තාම පාවිච්චි කරන්නේ U8180 එකක්) මේ phone වල තියෙන ලොකුම අවුල තමයි speed මදි එක. ඒකට පොඩි විසඳුමක් තමයි අද දෙන්න හදන්නේ.

හැබැයි මේක කරන්නනම් phone එක root කරල තියෙන්න ඕන. root කරලා නැති යාලුවෝ මෙතනින් ගිහින් Super one click බාගෙන root කරගෙන ඉන්නකෝ.
http://www.superoneclickdownload.com/
or
http://download.cnet.com/SuperOneClick/3000-2094_4-75447027.html
or
http://www.tomsguide.com/us/download/SuperOneClick,0301-35082.html

root ගැන දන්නේ නැත්තම් මේ post එක කියවලම ඉන්න
http://www.droidslk.com/2011/12/rooting/

දැන් තමයි වැඩේ තියෙන්නේ. මේකට අපිට apps 3ක් ඕන වෙනවා

1. Overclock Widget


මේ app එකෙන් වෙන්නේ processor එක overclock කරන එක. ඒ කියන්නේ processor එකේ speed එක වැඩි කරන එක. Overclock කරහම බැටරි ඉක්මනින් බහිනවා කිව්වට මටනම් එහෙම ලොකු වෙනසක් දැනුනේ නෑ.
 

2.SD-Booster


මේ app එක මගින් කරන්නේ SD Card එක එහෙම නැත්තම් chip එක read කරන වේගය වැඩි කරන එක.
 

3. Clean Master


මේ app එක කවුරුත් දන්න Ram booster එකක්. මේකෙන් කරන්නේ අනවශ්‍ය වැඩසටහන් නවත්තලා ram එක නිදහස් කරන එක



Apps තුනම install කරාට පස්සේ පොඩි settings ටිකක් හදන්න තියෙනවා


මුලින්ම Clean Master එකට ගිහින් අනිත් app දෙක Ignore list එකට දා ගන්න ඕන. 

Clean master app එකේ Tasks කියන function එකට ගිහින් app එක් නම උඩ press කර ගෙන ඉන්නකොට ලැබෙන menu එකෙන් add to ignore list කියල දෙන්න.

 කැමතිනම් option වලින් අනිත් settings වෙනස් කර ගන්නත් පුලුවන්


ඊලගට over clock widget එකේ advance settings වල Screen on freq settings ගිහින් slider දෙකම උපරිම අගයට දා ගන්න.



 Update Interval එක 5 දෙන්න.  Auto Start on boot ඔන් කරන්න දැන් save කරන්න.


ඊලගට SD Booster එකට ගිහින්  Cache size එක දෙන්න ඕන. 


 2GB වගේ chip එකක් නම් 512කියල දෙන්න. 4GB 8GB වගේනම් 1024ක් දෙන්න.
Set devices on system start කියන තැන tick එක දා ගන්න.
  ඒක OK කරලා cache for all devices කියන තැන tick එක දාලා ඔයා දීපු cache size එක දෙන්න.


 Preferences වල   Update interval එක 1 කියල දෙන්න.


දැන් වැඩේ හරි. බලන්න phone එක කලින්ට වඩා speed වෙලාද කියලා. මගේනම් speed වුනා