Sunday, October 13, 2013

රු 40.00 කට LED බල්බ් එකක්


LED බල්බ් ගැන නොදන්න කෙනෙක් නෑනෙ ඉතින්. LED බල්බ් එක්ක සම්බන්ධ ලස්සන කතාවක් වගේම දුක හිතෙන තකාවකුත් මට තියෙනවා (දන්නෝ දනිති). LED බල්බ් හදන්න ඕන කරන දේවල් වගේම ඒවා කියලදෙන Blog ඕන තරම් හොයා ගන්න පුලුවන්. ඒත් පොඩි අවුලකට තියෙන්නේ ගාන පොඩ්ඩක් සැර එක තමයි.(සල්ලි කාරයයෝ වගේම දුප්පත් කොල්ලො කෙල්ලොත් ඕන තරම් ඉන්නවනේ. මං මේ post එක දාන්නේ ඒ දුප්පත් කොල්ලන්ට කෙල්ලන්ට. සල්ලිකාරයොත් මේක හැදුවා කියලා මගේ තරහක් නෑ ඉතින්) බයිලා ඇති දැන් වැඩේ…
ඕන කරන දේවල්……
  1. 1w LED 4ක්  (රු7.00*4=රු28.00)
  2. පරණ CFL එකක්
  3. පරණ Phone Charger එකක්
  4. ඩොට් බෝඩ් කෑල්ලක් / කාඩ් බෝඩ් කැල්ලක්
  5. ඊයම් (රු10.00)
  6. පොඩ් වයර් කෑල්ලක්
මේ තියෙන්නේ මගේ එක හදන්න ගත්ත දේවල්


මුලින්ම CFL පරිස්සමින් ගලව ගන්න ඕන. ඇතුලේ තියෙන වයර් 2 කැඩෙන් නැති වෙන්න පරිස්සමින් ගලවන්න.

 
ඊලඟට Charger එකත් ගලව ගන්න. මේකෙදි ඕන වෙන්නේ circuit එක පිච්චිලා නැති එකක්. ගොඩක් Charger Damage වෙන්නේ pin එක ලඟින් නිසා circuit එක පිච්චිලා නැති එකක් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.


දැන් LED 4 ඩොට් බෝඩ් එකට පාස්ස ගන්න. කාඩ් බෝඩ් එකකට උනත් අවුලක් නෑ.


දැන් කියෙන්නේ කෑලි ටික එකතු කර ගන්න.


මේ තියෙන්නේ හදලා ඉවර කරපු Bulb එක.

ලස්සන පොඩ්ඩක් මදියි වගේ නේද? ඔයාලගේ  නිර්මාණශීලී අදහස් එකතු කරගෙන ලස්සන කර ගන්න. 

3 comments:

  1. niyamai ... adahasa dunnama eka nirmanaya karaganima karana kenage dakshathawaya thx machan

    ReplyDelete
  2. hodai hodai math me wage ekak dakala thiyenawa

    ReplyDelete
  3. passata ban pichchicha CFl blub ekak aran hadanna puluwanne.

    ReplyDelete

ඔබේ අදහස් එකතු කරන්න...