Tuesday, October 15, 2013

Android දුරකථනය Slowද? පොඩි විසඳුමක්


දැන් ලොකු ලොකු Android phone ආවට Galaxy Y , U8180 වගේ පොඩි ඒව පාවිච්චි කරන අයත් ඕන තරම් ඉන්නවනේ. (මාත් තාම පාවිච්චි කරන්නේ U8180 එකක්) මේ phone වල තියෙන ලොකුම අවුල තමයි speed මදි එක. ඒකට පොඩි විසඳුමක් තමයි අද දෙන්න හදන්නේ.

හැබැයි මේක කරන්නනම් phone එක root කරල තියෙන්න ඕන. root කරලා නැති යාලුවෝ මෙතනින් ගිහින් Super one click බාගෙන root කරගෙන ඉන්නකෝ.
http://www.superoneclickdownload.com/
or
http://download.cnet.com/SuperOneClick/3000-2094_4-75447027.html
or
http://www.tomsguide.com/us/download/SuperOneClick,0301-35082.html

root ගැන දන්නේ නැත්තම් මේ post එක කියවලම ඉන්න
http://www.droidslk.com/2011/12/rooting/

දැන් තමයි වැඩේ තියෙන්නේ. මේකට අපිට apps 3ක් ඕන වෙනවා

1. Overclock Widget


මේ app එකෙන් වෙන්නේ processor එක overclock කරන එක. ඒ කියන්නේ processor එකේ speed එක වැඩි කරන එක. Overclock කරහම බැටරි ඉක්මනින් බහිනවා කිව්වට මටනම් එහෙම ලොකු වෙනසක් දැනුනේ නෑ.
 

2.SD-Booster


මේ app එක මගින් කරන්නේ SD Card එක එහෙම නැත්තම් chip එක read කරන වේගය වැඩි කරන එක.
 

3. Clean Master


මේ app එක කවුරුත් දන්න Ram booster එකක්. මේකෙන් කරන්නේ අනවශ්‍ය වැඩසටහන් නවත්තලා ram එක නිදහස් කරන එක



Apps තුනම install කරාට පස්සේ පොඩි settings ටිකක් හදන්න තියෙනවා


මුලින්ම Clean Master එකට ගිහින් අනිත් app දෙක Ignore list එකට දා ගන්න ඕන. 

Clean master app එකේ Tasks කියන function එකට ගිහින් app එක් නම උඩ press කර ගෙන ඉන්නකොට ලැබෙන menu එකෙන් add to ignore list කියල දෙන්න.

 කැමතිනම් option වලින් අනිත් settings වෙනස් කර ගන්නත් පුලුවන්


ඊලගට over clock widget එකේ advance settings වල Screen on freq settings ගිහින් slider දෙකම උපරිම අගයට දා ගන්න.



 Update Interval එක 5 දෙන්න.  Auto Start on boot ඔන් කරන්න දැන් save කරන්න.


ඊලගට SD Booster එකට ගිහින්  Cache size එක දෙන්න ඕන. 


 2GB වගේ chip එකක් නම් 512කියල දෙන්න. 4GB 8GB වගේනම් 1024ක් දෙන්න.
Set devices on system start කියන තැන tick එක දා ගන්න.
  ඒක OK කරලා cache for all devices කියන තැන tick එක දාලා ඔයා දීපු cache size එක දෙන්න.


 Preferences වල   Update interval එක 1 කියල දෙන්න.


දැන් වැඩේ හරි. බලන්න phone එක කලින්ට වඩා speed වෙලාද කියලා. මගේනම් speed වුනා

1 comment:

ඔබේ අදහස් එකතු කරන්න...